
වසංගත තත්වයන්වලදී බලපැවැත්වෙන නව නීති මාලාවක් හඳුන්වාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිඛේ.
හදිසි නීති රෙගුලාසිවලට වඩා වැඩි බලතල සහිතව මෙම නව නීති ක්‍රියාත්මක වනු ඇති.
කොවිඩ් පමණක් නොව ඔ්නෑම වසංගත තත්වයකදී භාවිත කල හැකි අයුරින් නව නීති හඳුන්වා දෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිවේදනය කලේ.

මෙම නීති වික්ටෝරියා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති.
ඒවා සම්මත වුවහොත් වසංගත තත්වය සම්බන්ධයෙන් අවසාන තීන්දු ගැනීමට දැනට ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීට හිමි බලතල අහිමිවී යනවා.

සෞඛ්‍ය ඇමති හා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීගේ අනුමැතිය මත එම බලය පැවරෙන්නේ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිටයි.