Search

Cleo Smith දැරිය වෙනුවෙන් ආරම්භ කල ආධාර අරමුදලට $ 75,000 ක්

දැනට අතුරුදන්ව සිටින Cleo Smith දැරියගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ආරම්භ කල ආධාර රැස්කිරීමේ වැඩපිළිවෙලට ඩොලර් 75,000 කට ආසන්න මුදලක් එක් රැස්වී තිඛේ.

කෙසේවෙතත් එහි මූලික ඉලක්කය වුයේ ඩොලර් 5000 ක් එක් රැස් කිරීමයි.

මේ අතර විමර්ශන කණ්ඩායම් විසින් දැරිය පදිංචිවී සිටි නිවස ඊයේ දිනයේදී පරීක්ෂා කර තිබිණ.

එය මෙවැනි විමර්ශනයකදී සිදුකරන සාමාන්‍ය පිළිවෙතක් බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

Cleo Smith දැරිය අතුරුදන්ව දැනට දින 10 කට වැඩි කාලයක් ගතවී ඇති අතර ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් මේ දක්වා ලැබි නොමැත.

ඇය සම්බන්ධෙයෙන් ලබාදෙන නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය පසුගියදා නිවේදනය කලේය.

source : https://7news.com.au/news/wa/cleo-smith-go-fund-me-page-raises-75000-of-5000-goal-as-mum-ellie-says-thanks-c-4340464

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »