
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අයදුම් කරන ක්‍රමවේදයේ වෙනසක් නොවැම්බර් 01 සිට බලාත්මක කෙරේ.
එදින සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම online ක්‍රමයට සිදුකළ යුතුය.
පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මෙතෙක් පැවති කඩදාසි අයදුම්පත් නොවැම්බර් 01 සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ.

සුදුසුකම් හා අයදුම්පත් ගාස්තු නොවෙනස්ව පවති.
PR ලාභීන් පුරවැසිභාවය ලබා ගැනීමේදී අනුගමනය කරන ක්‍රමයට කිසිදු සංශෝධනයක් නොමැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
