Search

NSW පාසල්වල 02 – 11 දක්වා ශ්‍රේනිවල අධ්‍යයන කටයුතු අද සිට පාසල්වලම

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල 02 – 11 දක්වා ශ්‍රේනිවල අධ්‍යයන කටයුතු පාසල්වලම සිට අද  ආරම්භ කෙරේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මීට පෙර දන්වා තිබුණේ ගුරුවරුන් නොවැම්බර් 08 වනදා වනවිට දෙවන මාත්‍රාව ලබාගෙන තිබිය යුතු බවයි.

අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණද මේ දක්වා එන්නත ගෙන නොමැති ගුරුවරුන් විශාල පිරිසක් ඉගැන්වීම් සඳහා නොපැමිණෙනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

මේ දක්වා ගුරුවරුන් 3000 ක් පමණ එන්නත ලබාගෙන නොමැති බවද වාර්තාවල සඳහන්.

නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ වාර්තා අනුව ප්‍රාන්තයේ සියයට 93 ක් පළමු මාත්‍රාවද සියයට 84.4 ක් මාත්‍රා දෙකමද ලබාගෙන අවසන්.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »