Search

එන්නත අනිවාර්ය කල බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිට මරණ තර්ජන

විවාහ මංගල උත්සවයකට සහභාගීවෙමින් සිටි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan හදිසියේම නිවස බලා පිටත්ව යාමේ පුවත් වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ Balcatta හි පැවති විවාහ උත්සවයකට අගමැතිවරයා සහභාගීවෙමින් සිටියේය.

කෙසේවෙතත් සිය නිල රථයෙන් ඔහු හදිසියේ පිටත්ව යන ආකාරයක් මාධ්‍ය වාර්තා කර තිබිණ.

මීට හේතුවී ඇත්තේ Rockingham හි පිහිටා ඇති නිවස සම්බන්ධයෙන් උද්ගතව වී ඇති හදිසි ආරක්ෂක වාතාවරණයකුයි.

අගමැතිවරයාට මරණ තර්ජන එල්ල කල පුද්ගලයෙකුද පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රැකියා ක්ෂේත්‍ර ගණනාවකට කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය කිරීමත් සමග Mark McGowan ට විවේච්චන රැසක් එල්ලවී ඇති අතර පසුගිය දින කිහිපය පුරා හි පිහිටි ඔහුගේ නිවස අසල විරෝධතාද පැවැත්විණ.

source : https://7news.com.au/news/wa/major-security-breach-at-mark-mcgowans-rockingham-home-c-4318439