ලබන සිකුරාදා සිට වික්ටෝරියා කොවිඩ් නීතිවල වෙනසක් – වෙළඳසැල් / අවන්හල් සඳහා ලිහිල් වූ රෙගුලාසි මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට බලාත්මක කොවිඩ් මර්දන රෙගුලාසි ලබන සිකුරාදා එනම් 29 වනදා පස්වරු 06 සිට තවත් ලිහිල් කෙරේ.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ එදින වනවිට ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉලක්කය ඉක්මවා යනු ඇති බවයි.

මේ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට සිල්ලර වෙළඳසැල් තුළ අභ්‍යන්තරයට පැමිණීමේ ඉඩකඩ තවත් පුලුල් වනු ඇති.

එමෙන්ම අවන්හල් සහ Pubs තුළ අසුන් ගත හැකි සංඛ්‍යාවද ඉහළ දමා තිබෙනවා.

බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවන අතර මෙල්බර්න් නාගරික සහ ප්‍රාදේශීය කලාප අතර ගමනාගමනයද යළි ආරම්භ කෙරෙනු ඇති.

නොවැම්බර් 24 වනදා වනවිට වික්ටෝරියා එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා වනු ඇති බවට අනාවැකි පළකල අගමැතිවරයා පැවසුවේ ඒ වනවිට අධි අවධානම් කලාපවල මුව ආවරණ භාවිතය හැර අනෙකුත් සියලුම සීමා ඉවත් කරන බවයි.

https://twitter.com/DanielAndrewsMP/status/1452069313477689345?s=20

https://twitter.com/DanielAndrewsMP/status/1452069575772704768?s=20

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »