ක්වන්ටාස් තවත් රටවල් 05 කට ගුවන් ගමන් ඇරඹීමේ තීරණයක – වසර 10 කට පසු ඉන්දියාවටත් – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වන්ටාස් තවත් රටවල් 05 කට ගුවන් ගමන් ඇරඹීමේ තීරණයක – වසර 10 කට පසු ඉන්දියාවටත්

ක්වන්ටාස් තවත් රටවල් 05 කට ගුවන් ගමන් ඇරඹීමේ තීරණයක – වසර 10 කට පසු ඉන්දියාවටත්

තවත් ජාත්‍යන්තර ගමනාන්ත 05 කට නියමිත දිනයට පෙරම ගුවන් ගමන් ආරම්භ කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව සිඩ්නි සිට සිංගප්පූරුව – බැංකොක් – Phuket – ජොහැන්නස්බර්ග් සහ ෆිජී දක්වා ගුවන් ගමන් යළි ඇරඹෙනු ඇති.

වසංගත තත්වය හමුවේ තාවකාලිකව සේවයෙන් ඉවත් කරන ලද ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් සේවකයන්ට මෙමගින් නැවතත් රැකියා හිමිවනු ඇතැයිද අපේක්ෂා කෙරේ.

සිංගප්පූරු ගුවන් ගමන් නොවැම්බර් 23 වනදා සිටද – ෆිජී දෙසැම්බර් 07 සිටද – ජොහැන්නස්බර්ග් ජනවාරි 05 වනදා සිටද – බැංකොක් ජනවාරි 14 වනදාත් – Phuket ජනවාරි 12 වනදාත් සිට ආරම්භ කෙරෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරුණේ.

මීට අමතරව සිඩ්නි – දිල්ලි ගුවන් ගමන් ආරම්භ කිරීමටද ක්වන්ටාස් තීරණය කර තිබේ.

වසර 10 කට පමණ පසු ඉන්දියාව සමග ක්වන්ටාස් ගුවන් ගමන් ආරම්භ කෙරෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.

source : https://7news.com.au/travel/qantas-brings-forward-schedule-for-flights-to-five-destinations-as-international-travel-finally-set-to-resume-c-4302453