Search

මෙල්බර්න් ලොක්ඩවුන් තත්වය අද රාත්‍රියේ සිට අවසන් – හෙට සිට ලිහිල්වන සීමා මෙන්න

මෙල්බර්න් නගරයේ දැනට ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්වය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරේ.

මධ්‍යම රාත්‍රියේ සිට සිට ක්‍රියාත්මක වන සීමා ලිහිල් කිරීම් මෙසේයි

මෙල්බර්න් නාගරික කලාපය

නිවසකට පැමිණිය හැකි අමුත්තන් ගණන 10 දක්වා ඉහළ දැමේ. එය මෙල්බර්න් නාගරික හා ප්‍රාදේශීය යන කලාප 02 සඳහාම බලාත්මකයි.

බාහිර හමුවීම් සඳහා උපරිම 15 දෙනෙකු සහභාගී කරවා ගත හැකිය.

ප්‍රජා ක්‍රීඩා පුහුණු කිරීම් යළිත් ආරම්භ කල හැකිය.

Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 50 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.

විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ 20 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 50 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.

නාගරික මෙල්බර්න් සඳහා මේ දක්වා පැවති ඇඳිරි නීතිය මෙන්ම කිලෝමීටර් 15 සීමාව ඉවත් කෙරේ.

අර්ධ කාලීන වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සියලුම සිසුන් පාසල් වෙත ගෙන්වා ගත හැකිය.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ උපරිම 05 දෙනෙකු එකවර රූපලාවන්‍යාගාර වෙත ගෙන්වා ගත හැකිය.

මෙල්බර්න් ප්‍රාදේශීය කලාපය

Pubs – සමාජ ශාලා හා අනෙකුත් විනෝදාස්වාද ස්ථාන වෙත පූර්ණ එන්නත්කරණයට ලක්වූ 30 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය.

පූර්ණ කාලීන වශයෙන් අධ්‍යාපන කටයුතු සඳහා සියලුම සිසුන් පාසල් වෙත ගෙන්වා ගත හැකිය.

විවාහ සහ අවමංගල්‍ය උත්සව සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ 30 දෙනෙකු අභ්‍යන්තරයට ගෙන්වා ගත හැකිය. බාහිරින් පුද්ගලයන් 100 දෙනෙකුට සිටීමට අවසර ලැබේ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »