ලොව හොඳම විදෙස් කෙටි චිත්‍රපටයට හිමි සම්මානය ලාංකික තරුණයෙකුට

තුර්කියේ පැවති 07 වන අන්තර්ජාතික සකර්යා ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී , ලොව හොඳම විදෙස් කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්  ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරු හසන්ත දිසානායක දිවයිනට පැමිණියා.

තුර්කියේ සංචාරක සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ එරට සකර්යා විශ්ව විද්‍යාලය සමග එක්ව සංවිධානය කර තිබූ මෙම චිත්‍රපට උළෙල සඳහා ලොව පුරා රටවල් 197 ක තරගකරුවන්ගේ නිර්මාණ 7,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණා.

“මට්න්” නමින් නම් කර තිබූ හසන්ත දිසානායකගේ මෙම කෙටි චිත්‍රපටය ඉරානයේ සහ දකුණු කොරියාවේ චිත්‍රපට සම්මාන උළෙලවලදී ද අවසන් වටය නියෝජනය කර තිබෙනවා.

හසන්ත දිසානායක කැළණිය විශ්ව විද්‍යාලයේ , සිනමාව සහ රූපවාහිනිය පිළිබඳ ගෞරව උපාධි අපේක්ෂකයෙකු වනවා.

දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා සිනමාවේදීන්, රංඟන ශිල්පීන් කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එම විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »