Search

ඔක්තෝබර් 22 සිට ACT හි අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර

ඔක්තෝබර් 21 වනදා රාත්‍රී 11:59 සිට ACT හි අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලැබේ.

ACT හි වයස අවුරුදු 12 සහ ඊට වැඩි පිරිසෙන් 80% කට වඩා කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම නිසා කොව්ඩ් නීති ලිහිල් කරන බව ACT ප්‍රධාන අමාත්‍යවරයා නිවේදනය කළේය.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 24 ක් වාර්තා වන අතර ඉන් 21 ක් දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් සමග සම්බන්ධ බවට වාර්තා වේ.

කොවිඩ් එන්නත්කරණයේ 70%, 80% සහ 90% මට්ටම් වලට පැමිණි පසු දේශීය සහ ජාත්‍යන්තර සංචාර සඳහා ක්වීන්ස්ලන්තය විවෘත කිරීමේ සැලසුම අද එළිදැක්විණි.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල කොව්ඩ් ආසාදිතයින් වැඩිවීම වැඩි අවධානයක් යොමු කළ යුතු සිදුවීමක් බව ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant පැවසුවාය.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »