මාසයක් තුළ NSW පාර්ලිමේන්තුවෙන් 05 වන සභිකයාද ඉල්ලා අස්වෙයි

මාසයක කාලයක් ඇතුළත නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවෙන් 05 වන සභිකයාද ඉල්ලා අස්වී තිබේ.

හිටපු Labor පක්ෂ නායිකා Jodi McKay මෙලෙස අද දිනයේදී ඉල්ලා අස්විය.

මේ අනුව සිඩ්නි නගරයේ කොට්ඨාශ 05 ක් වෙනුවෙන් ඉදිරියේදී අතුරු මැතිවරණ පැවැත්වීමට නියමිතයි.

හිටපු අගමැතිනී Gladys Berejiklian / උප අගමැති John Barilaro / Melanie Gibbons සහ හිටපු ප්‍රවාහන ඇමති Andrew Constance මෙලෙස මීට පෙර නිවු සවුත් වේල්ස් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූහ.

කෙසේවෙතත් අතුරු මැතිවරණ පවත්වන දින වකවානු මේ දක්වා ප්‍රකාශයට පත්වී නොමැත.

PIC – AAP

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »