ස්ථීර පදිංචිය සහිත පුද්ගලයන්ට සහ දෙමව්පියන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර

ලබන පළමුවනදා සිට දේශ සීමා විවෘත කෙරුණද විදෙස් සංචාරකයන්ට සහ ජාත්‍යන්තර සිසුන්ට රටට පැමිණිමට අවසර දීම කෙරෙහි මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.

දැනට විදේශයන් හි සිරවී සිටින ඔස්ටේ්‍රලියානුවන් ගෙන්වා ගැනීමට පමණක් ප්‍රමුඛත්වය දෙන බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

ඒ යටතේ ස්ථීර පදිංචිය සහිත පුද්ගලයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට “immediate family”ඝනය යටතේ ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවනවා.

දේශ සීමා නීති බලාත්මක වුවද ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට බලාත්මක වන පරිදි travel exemptions යටතේ ස්ථීර පදිංචිය සහිත පුද්ගලයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අවසර හිමිවනවා.

මෙය ඔස්ටේ්‍රලියාවේ ජන සමාජය විසින් දීර්ඝ කලක සිට ඉල්ලා සිටි අවසර ලැබීමක්ද වනවා.

පූර්ණ එන්නත්කරණයට ලත්ව ඇති පුද්ගලයන්ට ලබන 01 වනදා සිට නිරෝධායනය වීමකින් තොරව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් ගෙන ඇති තීරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ස්කොට් මොරිසන් මේ බව සඳහන් කලා.

රටට පැමිණීමට අවසර හිමිවන පාර්ශවය තීරණය කරනුයේ ප්‍රාන්ත රජයක් විසින් නොව ෆෙඩරල් රජය විසින් බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

ඔස්ටේ්‍රලියාවේ වැඩිම ජනගහණයක් සිටින නගරය වන සිඩ්නි නගරයද ඇතුළත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියල්ලන්ට කිසිදු නිරෝධායන ක්‍රියාවලියකින් තොරව ප්‍රාන්තයට ඇතුලුවීමට අවසර ලබාදීමටයි.

ඒ අනුව විදේශයන්හි සිට සිඩ්නි නගරයට පැමිණෙන විදේශිකයන්ටද මේ දක්වා ක්‍රියාත්මක හෝටල් හෝ නිවාස නිරෝධායනය ලබන පළමුවනදා සිට ක්‍රියාත්මක නොවන බවයි නිවු සවුත් වේල්ස් අගමැතිවරයා නිවේදනය කලේ.

කෙසේවෙතත් සතියකට ගෙන්වා ගැනීමේ සීමාව පමණක් ලිහිල් කර ඇති අතර ජාත්‍යන්තර සංචාරකයන් හෝ සිසුන් වෙනුවෙන් දේශ සීමා විවෘත කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැතැයි ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කලා.

 

source : https://www.smh.com.au/politics/federal/morrison-to-attend-un-climate-conference-in-glasgow-20211015-p590dl.html

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »