යොහානි, AR රහුමාන් වත් පසු කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

යොහානි, AR රහුමාන් වත් පසු කරයි

යොහානි, AR රහුමාන් වත් පසු කරයි

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, යූ ටියුබ් නාලිකාවේ ග්‍රාහකයින් සංඛ්‍යාව අතින් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥයෙකු වන ඒ.ආර්. රහුමාන් අභිබවා තිබෙනවා.

රහුමාන්ගේ යූ ටියුබ් ග්‍රාහකයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.93ක් වන අතර, යොහානිගේ ග්‍රාහක සංඛ්‍යාව මිලියන 2.97ක්.

යොහානි පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූණා.

ගුරුග්‍රාම් සහ හයිද්‍රාබාද් හි දී ප්‍රසංග දෙකකට සහභාගි වූ අතර, සුප්‍රකට බිග්බොස් ඉන්දීය ටෙලිවිෂන් රියැලටි වැඩසටහනට විශේෂ ආරාධනයක් ලැබ එක්වූයේ සල්මාන් ඛාන්ට සමග මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින්.

යොහානි සතීෂාන් සමඟ ගැයූ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ.ටියුබ් නාලිකාවේ පහළොස් කෝටි හතළිස් එක්ලක්ෂ අසූ අටදහස් හත්සියයක් නැරඹුම්වාර පසුකර තිබෙනවා.