වික්ටෝරියා ප්‍රාන්ත සීමා තවදුරටත් ලිහිල් කෙරේ – Red zones සිට පැමිණෙන අයට සහනයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය සමග තිබූ ප්‍රාන්ත සීමා ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කර තිබේ.

ඒ අනුව Red Zones සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ටද දින 14 ක් හුදකලාව සිටීම අවශ්‍ය නොවනු ඇති.

ලබන 19 වනදා රාත්‍රී 12 සිට නව රෙගුලාසි බලාත්මක වන බව වික්ටෝරියා සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

කෙසේවෙතත් අදාළ පුද්ගලයන් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවීමට පැය 72 කට පෙර ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ඉදිරිපත් කල යුතු වනවා.

එන්නත ගෙන නොමැති අය තවදුරටත් දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

එමෙන්ම Red zones සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට අවසර දී තිබුණේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පමණක් වුවද ලබන 19 වනදා සිට ඕනෑම අයෙකුට ඉහත කොන්දේසි සපුරන්නේ නම් වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකියි.

source : https://www.9news.com.au/national/victoria-eases-border-restrictions-with-nsw-act-as-rules-for-red-orange-zones-relaxed/6840ddd9-71be-4272-ab79-9165479050d5

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »