දැවැන්ත වැඩ වර්ජනයක් සිදුකරන බවට වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් ගුරුවරුන් අනතුරු අගවා සිටී.
ඉදිරි වසර 03 සඳහා සියයට 07 බැගින් වැටුප් වැඩිවීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඉල්ලමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇත්තේ.
කොවිඩ් වසංගතයත් සමග මාස ගණනක් වසා තිබූ පාසල් යලිත් අධියරෙන් අධියර විවෘත කිරීමට සුදානම් වන අවස්ථාවකදීයි ගුරුවරුන් මෙලෙස වර්ජනයකට සූදානම් වන්නේ.
ගුරුවරුන් සඳහා superannuation දීමේදී සියයට 6.5 ක වර්ධකයක් අවශ්‍ය බවයි Australian Education Union හි වික්ටෝරියා ශාඛාව අවධාරණය කරන්නේ.
ලබන සඳුදා සිට රාජකාරී ඊ-මේල් සඳහා reply නොකරන බවටත් පාසලෙන් පසු රැස්වීම් සඳහා සහභාගී නොවන බවද වික්ටෝරියා ගුරුවරුන් දන්වා තිබේ.