Dandenong නිවාස සංකීර්ණයක ගින්නක් ගැන ප්‍රශ්න කිරීමට වික්ටෝරියා පොලිසිය පුද්ගලයෙකු සොයයි

මෙල්බන් ගිණිකොණ දිග ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට වික්ටෝරියා පොලිසිය පුද්ගලයෙකු සොයමින් සිටී.

Ishmail Sozmen නම් මොහු Dandenong සහ Meadow Heights ප්‍රදේශවල සැරිසරා ඇතැයි සඳහන්.

ජූලි 09 වනදා Dandenong හි McCrae Street හි පිහිටා ඇති නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නකින් 27 හැවිරිදි පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට මෙම තැනැත්තාගේ සම්බන්ධයක් ඇතැයි විශ්වාස කෙරේ.

පසුගිය සතියේදී වික්ටෝරියා පොලිසිය මෙම සිද්ධියට අදාළව 27 හැවිරිදි තවත් අයෙකුට චෝදනා ගොණු කලේය.

Ishmail Sozmen පිළිබඳ තොරතුරු දන්නා අයෙකු වෙතොත් වහා අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

pic – VIC police

source : https://7news.com.au/news/crime-melbourne/do-not-approach-urgent-manhunt-after-fatal-melbourne-apartment-fire-c-4224789

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »