PHOTOS : ඉන්දීය සංචාරය නිමවා යොහානි මව්බිමට – උණුසුම් පිළිගැනීමක්

ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා, ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී පැවසුවාය.
ඇය එසේ පැවසූවේ , ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව , යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි  අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ යොහානි ද සිල්වා :
“මම ඉන්දියාවේ නවදිල්ලි , හයිද්‍රාබාද් සහ මුම්බායි යන නගර වල සංගීත ප්‍රසංග සදහා සහභාගී වුනා. එහිදී එම ජනතාවගෙන් ඉතා හොද ප්‍රතිචාර හිමි උනා  මට ඒ පිළිබඳව ගොඩක් සතුටුයි. මගේ ඊළඟ බලාපොරොත්තුව මගේ සිංහල ගීත 12 ක් ඇතුළත් ගීත ඇල්බමය ඉදිරිපත් කිරීමටයි . දැන් ඒ ඇල්බමයේ ගොඩක් වැඩ අවසන් කරල තියෙනවා” යැයි ද ගායිකා යොහානි ද සිල්වා වැඩිදුරටත් පැවසුවාය.
කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »