ලබන වසරේ සිට ඔස්ටේ්‍රලියාවට නව budget ගුවන් සේවයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ලබන වසරේ සිට ඔස්ටේ්‍රලියාවට නව budget ගුවන් සේවයක්

ලබන වසරේ සිට ඔස්ටේ්‍රලියාවට නව budget ගුවන් සේවයක්

ඔස්ටේ්‍රලියාව තුළ ලබන වසරේ සිට නව අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Bonza නම් එය වැඩි වශයෙන් ඉලක්ක කර ඇත්තේ දැනට ජනප්‍රිය ගුවන් මාර්ග නොවීම විශේෂත්වයක්.

එනම් දැනට පවතින ගුවන් සමාගම් විසින් ක්‍රියාත්මක කරන ගුවන් මාර්ග නොවන අතර එමගින් වැඩි ගුවන් මගීන් පිරිසක් ආකර්ශනය කර ගැනීම සැළසුමයි.

Virgin Blue හිටපු විධායක නිළධාරී Tim Jordan විසින් මූලිකත්වය දරන මෙම සමාගම සඳහා ආයෝජනය කර ඇත්තේ අමෙරිකානු සමාගමක් විසිනි.

මෙල්බර්න් – සිඩ්නි – බ්‍රිස්බන් වැනි ජනප්‍රිය මාර්ගවලින් බැහැරව නව budget ගුවන් සේවය සිය මෙහෙයුම් සිදුකිරිමට සැළසුම් කරයි.

Boeing 737-8 වර්ගයේ ගුවන් යානා යොදාගනිමින් ගුවන් සේවය සිය කටයුතු ක්‍රියාත්මක කරනු ඇත.

කොවිඩ් තත්වය හමුවේ රැකියා අහිමිවු ක්වන්ටාස් සහ වර්ජින් ගුවන් සේවාවල සේවක සේවිකාවන් බහුතරයක් නව ගුවන් සේවය හා එක්වනු ඇති බවටද වාර්තා පළවේ.

source : https://7news.com.au/travel/aust-to-get-new-domestic-airline-in-2022-c-4211858