චතූ මුණසිංහ කියලා කියන්නේ පහුගිය දවස්වල බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වුනු කාන්තාවක්.
පසුගිය දිනයකදී ඇය සමාජ මාධ්‍ය වලට ඇයගේ කතාව පිළිබඳව සංවේදී සටහනක් තබා තිබුණා.
එම සටහනේ තිබුණේ ජීවිතයේ අමාරුම තැන් වලදී අත් නොහැර ඉන්න ආදරයක් ගැනයි.
අද දහවල් ඇය මෙලොව හැර ගියා.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ අති විශාල පිරිසක් කණගාටුව පළ කර ඇති ආකාරයක් දක්නට හැකියි.
මියයාමට කෙටි කලකට පෙර ඇය තබා තිබූ සටහන මෙයයි.
“මීට අවුරුදු 18 කට කලින් තමයි මම ඔයා එක්ක මුලින්ම කතා කරේ. ජීවිතේ මුල්ම වතාවට ආදරේ කියන දේ දැනුණේ මට ඔයාගෙන්. මම දන්නවා ඔයා මාව විනාඩියකට හරි බලලා යන්න කිලෝමීටර ගනන් පයින් ඇවිද්දා. මට මතකයි මම දවසක් ඔයාට මගේ ජීවිතේ ප්‍රතිපත්ති ඔයාට කිව්වා. මගේ ජීවිතේ අංක එක ආදරේ. මම ආදරේ කරන කෙනා කොහේ හිටියත් කොතනකදී වුණත් මට කිස් එකක් දෙන්න දෙපාරක් හිතන්න ඕනි නැහැ. ඒක කරන්න පුළුවන් කම තියෙන්න ඕනි කවුරු බලන් හිටියත්. ඔයාගේ ගෙදරට කෝල් කරලා ඔයා කියලා හිතලා ඔයාගේ තාත්තා එක්ක කොච්චර නම් කතා කරලා ඇතිද මම. ඔයා එක්ක තරහ වුණාම ඉස්සෝලෙ ඇරිලා යන ගමන් මම ඔයාගෙ ගෙදර Letter Box එකට චිත්‍ර ඇදලා දාලා දුවනවා මම”
“අපේ සම්බන්ධය ඇතුලේ අපි දෙන්නා එක්ක මුහුණ දුන්නු ප්‍රශ්න ඕනි තරම් තිබුණා. ඒ ප්‍රශ්න හමුවේ අපි දෙන්නම මානසිකව වැටුණු තැන්ද තිබුණා. හැබැයි ඒ හැම පාරකම අපි දෙන්නා ආයේ නැගිට්ටා. සම්බන්ධයක් තිබුණත් නැතත් ඔයාගෙයි මගෙයි තිබුණ බැදීම වෙනස් වෙන්නෙ නැතුව ඒ විදියටම තිබුණා. ඔයා මාව ආරක්ෂා කළා. මට දුකක් ආපු හැමවෙලාවෙම ඔයා මගේ ගාව හිටියා. මට ශක්තියක් වුණා. තරහ වුණත් අපි අපිට ගොඩාක් ආදරය කරා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මැද මාර්තු මාසයක අපි දෙන්නා අපේම වුණා. ඔයා මොන වැඩක හිටියත් මට ඔයාව ඕනි වුණ වෙලාවට ඔයා මගේ ළග හිටියා. මම මගේ ගමන යද්දී ඔයා ඒ දිහා බලාගෙන ගොඩක් ආඩම්බර වුණා. මගේ පිටිපස්සෙන් මට හෙවනැල්ල වගේ හිටියේ ඔයා. මම හිතන්නේ මේ හැමදේම මගේ දෛවය කියලා”
“අපිට දෛවය වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි දෙන්නගේ ඉරණම මෙහෙම විසදෙන්න තිබුණ එකක්. අර්ජුන් මුණසිංහ කියන්නේ ගැහැණියක් හැම ආත්මයකම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තරම් වටින පිරිමියෙක්. ඔයා වගේ පිරිමියෙක් ගැහැනියෙක් පතන්නේ හීනෙන් විතරයි. ඒත් ඒ හීනට හැබෑ කරගන්න ඔයා මට අවස්ථාව දුන්නා. මට මම වෙලා ඉන්න පුළුවන් විදියට ඔයා මට නිදහස ආදරය දෙනවා. කිසිම කෙනෙක් ගැන ඉරිසියාවක් නැති මගේ ජීවිතේ ඔයාගෙ දිහා කවුරුහරි බැලුවොත් ඇතු වෙන්නේ පපුව පැලෙන්න ඉරිසියාවක්. ගොඩාක් දේවල් අහිමි වුණු මගේ ජීවිතේ හැමදාටම මගේ ළගින් ඉන්න ඔයාව මට දුන්නේ මගේ දෛවය. ගෑනියෙක් දැකපු ගමන් මගේ හිත රිදෙන්න ගන්නේ මට ඉයා ගැන තියෙන ලෝබකමට මිසක් මගේ තුන් හිතකින්වත් සැකයක් කියන දෙයක් ඔයා ගැන නෑ. අපි දෙන්නා හිතන පතන විදියේ ඉදලා කන කෑම අපි දෙන්නගේ විනෝදාංශ ඒ හැම දෙයක්ම වෙනස්. ඒත් අපි ඒවට පුරුදු වුණා”
“මම උයන්න දන්නේ නැති වුණත් ඔයා මට යූ ටියුබ් එකෙන් බලලා මම ආස හැම කෑමක්ම හදලා දුන්නා. මගේ අදහස් වැරදියි කියලා දැන දැනත් ඔයා ඒ දේවල් මට කරන්න දීලා බලන් ඉදලා පස්සේ ඒ වැරදි හරිගැස්සුවා. ගැහැනියෙක්ගේ කසාදයෙන් පස්සෙ හැමදේම වෙනස් වුවද මට කවදාවත් ඔයාට බයේ ඉන්න ඕනි වෙලා නෑ. ඔයා මට මගේ නිදහස දුන්නා. මට ඔයාට බයේ කිසි දෙයක් කරන්න වෙලා නෑ. මගේ දේවල් මන් ආස දේවල් මට වඩා හොදට තෝරන්න දන්නේ ඔයා. මට ඔයාව නැතුව දවසක්වත් ඉන්න බෑ කියලා ඔයා දන්න නිසා ඔයා ඔයාගේ හැකියාව දක්ෂකම ඒ හැමදේම අත හැරලා දාලා මගේ ළගින්ම හිටියා. මට අසනීපයි කියලා මුල ඉදලම මට මගේ ලෙඩේ ඔයා හන්ගනකොට ඔයාගේ හිතේ මොන තරම් දුකක් තියෙන්න ඇත්ද”
“මම අසනිප වුණාට පස්සේ ඔයා මාව එක මොහොතක්වත් තනි කරේ නෑ. ඔයා දෙවියන්ගෙන් මුකුත්ම ඉල්ලලා නැහැම් ඒත් එදා කොච්චිකඩේ පල්ලියේදී සියගානක් මිනිස්සු ඉස්සරහ දනින් වැටිලා ඔයා ඉල්ලුවේ මාව ගන්න එපා කියලා. ඔයාගේ ළගින් හිටන් හිටපු මන් එදා එතනම මැරුණා. මම දරාගන්න ගොඩාක් උත්සාහ කරා ඒ වේදනාව. මම ආවේ කවදාහරි මම යන්නම ඕනි ගමනක්. මට යන්න දුක ඔයා ගැන මගේ දුවලා දෙන්නා ගැන දැකපු සමහර හීන තවමත් අසම්පූර්ණ නිසා. මම මේ දේ ලියන්නේ එතකොට මගේ හිතට හරුම සැහැල්ලුවක් දැනෙනවා. මගේ හුස්මක් හුස්මක් ගානේ ඉන්නේ ඔයා විතරයි. මට යන්න වුණොත් යන්න වෙන්නේ මගේ දුවලා දෙන්නගේ ලස්සනම දවස්වලට කලින්. ඒත් ඒ හැමදේම ඔයාට දකින්න පුළුවන්. මෙතනින් පස්සේ ඉපදෙන ආත්මයක් ආත්මයක් ගානේ ඔයා මගේ මං ඔයාගේ.”
දවසකට දෙකකට බැදෙන ආදර කතා ඇතුලේ මෙවැනි ආදර කතා ඉතාමත් දුර්ලභයි. ආදරය කරන හැමෝටම එවන් ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ විදියට තමයි ඇය ඇගේ ආදරණීය ජීවිත කතාව ගැන සටහන අවසන් කරලා තිබුණේ.