
ඔස්ටේ්‍රලියාවේ වැඩිම ජනගහණයක් වාසය කරන නගරය වන සිඩ්නි නගරයේ මාස 04 කට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමා ලිහිල් කර තිබෙනවා.
මේ අනුව අවන්හල් – තැබෑරුම් වැනි පුද්ගල ඒකරාශීවීම් සිදුවන ස්ථාන සඳහා පැවති සීමා ලිහිල් කර ඇති අතර නිවාස වෙත ගෙන්වා ගත හැකි අමුත්තන් සංඛ්‍යාවද වැඩි කර ඇත.
සිඩ්නි නගරයද අයත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 70 කට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්වීමත් සමගයි මෙම ලොක්ඩවුන් සීමා ලිහිල් කර ඇත්තේ.

කෙසේවෙතත් සීමා ලිහිල් කිරීමත් සමග ඉදිරියේදී නැවත වරක් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටද ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ අනතුරු අගවා සිටිනවා.
නිවසින් බැහැරට යාම සඳහා මේ දක්වා පැවති කිලෝමීටර් 05 සීමාවද අද සිට ඉවත් වනු ඇති.
