ශ්‍රී ලංකාවට එන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සීමාව ඉවතට

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් විය යුතු බවට පනවා තිබූ සීමාව ඉවත් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ පසුගිය 07 වැනිදා සිට එය බලාත්මක වන බවයි.

ඒ අනුව දේශීය හා විදේශීය ගුවන් සමාගම්වලට අයත් ශ්‍රී ලංකාවට එන ගුවන් යානා වල ඕනෑම මගීන් සංඛ්‍යාවක් රැගෙන ඒමට හැකි බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින්ට සහ අනෙකුත් මගීන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවති.

නමුත් එන්නත් නොකළ මගීන් තවදුරටත් දින 14 ක නිරෝධායනයකට ලක් වීම අනිවාර්ය වනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »