වික්ටෝරියා ඕනෑම අයෙකුට අද සිට ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාගැනීමට අවස්ථාව

වික්ටෝරියා ප්‍රාන්තයේ ඕනෑම අයෙකුට ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාගැනීමට අද සිට අවස්ථාව පවතිනවා.

මේ දක්වා වයස අවුරුදු 60 ට වැඩි අයට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පමණයි අනුමත කර තිබුණේ.

කෙසේවෙතත් ෆයිසර් හා මොඩර්නා එන්නත් ප්‍රමාණවත් පරිදි ලැබීමත් සමග ඕනෑම අයෙකුට ඒවා ලබාගැනීමට අවස්ථාව සළසාදීමට තීරණය කල බව වික්ටෝරියා සෞඛ්‍ය ඇමති Martin Foley සඳහන් කලේය.

රජය විසින් පවත්වාගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී මෙම එන්නත් ලබාගැනීමට හැකියාව පවතිනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,612 ක් හමුව ඇත.

මරණ 8ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,012 කි.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-latest-case-numbers-1612-covid19-infections-october-11/30d77ed0-11a7-4fa5-989a-4590548ae6ec

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »