Search

NSW ඊයේ කොවිඩ් මරණ 08 ක් – ආසාධිතයන් 496 ක් – අද සිට සීමා තවදුරටත් ලිහිල්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 496 ක් වාර්තා වි තිබේ.

දැනට 769 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 153 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 08 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 495 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 83,498 ක් සිදු කර ඇත.

අද සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කෙරේ.

මේ අනුව අද සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට අමුත්තන් උපරිම 10 දෙනෙකු නිවසට ගෙන්වා ගත හැකිය.

බාහිර හමුවීම් සඳහා පැවති පුද්ගලයන් 20 සීමාව 30 දක්වා ඉහළ දැමෙනු ඇති.

විවාහ සහ අවමගුල් සඳහා දැනට පවතින 50 සීමාව 100 ක උපරිමයක් දක්වා වැඩි කර තිබෙනවා.

පිහිණුම් තටාක පුහුණු කටයුතු සඳහා විවෘත කෙරේ.

https://twitter.com/NSWHealth/status/1447351575773528067?s=20

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »