
තමන් නිදහසට කරුණු කීමට සූදානම් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.
එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව රට ඉදිරියට යාමට සහාය දෙන ලෙසයි ඔහු සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.
අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියාසිටියා.
කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වුවද අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇතැයි ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

නැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කලා.
දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලූම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.