වික්ටෝරියා ගිලන්රථ ධාවනය සඳහා හමුදා සෙබලුන් යෙදවීමට පියවර

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන්රථ ධාවනය කිරීම සඳහා ඉතා නුදුරේදී හමුදා සෙබලුන් යෙදවීමට නියමිත බව වාර්තා වේ.

ඒ ප්‍රතිචාර දැක්වීම් කාලය ඉහළ නැංවීම සඳහායි.

000 සඳහා ලැබෙන ඇමතුම් කාලයත් රෝගීන් සිටින ස්ථානය කරා ගමන් කරන කාලයත් අතර දිගු කාල පරතරයක් ඇති අවස්ථා පිළිබඳ නිරතුරුව අසන්නට ලැබේ.

ඇතැම් අවස්ථාවලදී විනාඩි 05 ක් පමණ යනතුරුත් දුරකථනයට ඇමතුම් නොදක්වන අවස්ථාද වාර්තා විය.

ගිලන් රථය පැමිණීම ප්‍රමාදවීම හමුවේ හෘදයාබාධ තත්වය උත්සන්නවීමත් සමග මෙම සතිය තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 02 ක්ද වාර්තා විය.

එක් අවස්ථාවකදී ගිලන් රථයක් ගෙන්වා ගැනීමට විනාඩි 33 ක් ගතවු බවටද චෝදනා එල්ලවිය.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගෙන කාර්යක්ෂම සේවාවක් ලබාගැනීම සඳහායි ගිලන්රථ ධාවනය කිරිම සඳහා හමුදා සෙබලුන් යෙදවීම කෙරෙහි අවධානය යොමුවි ඇත්තේ.

SOURCE : https://www.9news.com.au/national/ambulances-to-be-driven-soldiers-as-dying-victorians-wait-for-triplezero-calls-to-be-answered/29a58f9d-fd55-4bd6-9f26-d1c3a4706fd1

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »