බීමත් රියදුරන් අල්ලන්න වික්ටෝරියා මෝටර් රථවලට අලුත්ම උපාංගයක්

ඇල්කොහොල් පිළිබඳ හඳුනාගත හැකි අධි සංවේදී උපකරණ ඉතාම නුදුරේදී ඔස්ටේ්‍රලියාව තුළ අලෙවි කරන මෝටර් රථ තුළ සවි කිරීමට තීරණය වී තිබේ.

පළමු අධියරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මෝටර් රථ සහ ට්‍රක් රථ සඳහා එය සවි කිරීමට නියමිතයි.

රියදුරා රථයට ගොඩවූ පසු ඔහු මත්පැන් පානය කර ඇතිද යන්න තත්පරයක් තුළදී සංඥා නිකුත් කිරීමට මෙම අධි තාක්ෂණික මෙවලමට හැකියාව පවතිනවා.

එපමණක් නොව ඉතාම ඉහළ මට්ටමක ඇල්කොහොල් ප්‍රතිශතයක් පවතීනම් වාහනය පණගැන්වුවද එය ධාවනය නොවන ආකාරයටයි මෙය සකස් කර ඇත්තේ.

රියදුරන්ගේ ඇල්කොහොල් ප්‍රතිශතය හඳුනාගැනීමට දැනට භාවිත කරන තාක්ෂණය ක්‍රමවේදයන්ට වඩා මෙම නව අත්හදා බැලීම නිරවද්‍යභාවයෙන් ඉහළවීම විශේෂත්වයක්.

මෙම වසරේ මුල් මාස 09 තුළදී බීමත් රියදුරන් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 25 ක්.

එය 2019 වසර හා සැසඳීමේදී සියයට 32 ක ඉහළයාමක්ද වනවා.

SOURCE : https://www.9news.com.au/national/australian-cars-could-soon-be-fitted-with-technology-that-sniffs-out-alcohol/1f1d24a5-32b9-45bf-a3e6-97f0f5008aef

 

PIC – 9NEWS

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »