කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ලේ T20 ලෝක කුසලාන නිලධාරී මඬුල්ලට

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා නම් කරන ලද විනිසුරුවරුන් සහ තීරකවරුන් අතරට කුමාර් ධර්මසේන සහ රංජන් මඩුගල්ලේ ද ඇතුළත්ව සිටිනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇතුළු කණ්ඩායම් 12 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා විනිසුරුවරුන් 12 දෙනෙකු සහ තරග තීරකවරුන් සිව් දෙනෙකු ඇතුළත්ව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

2019 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලි විනිශ්චය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවුණු රුචිර පල්ලියගුරුගේ මෙවර තරගාවලියේ විනිශ්චය සඳහා තෝරා ගෙන නැහැ.

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 දක්වා වූ කාල සීමාවේදී මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගමාලාව පැවැත්වෙනු ඇති.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ ඕමානයේදීයි.

මේ අතර ශ්‍රී ලංකා – ඕමාන 02 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »