වර්ජින් ගුවන් සේවිකාවකට කොවිඩ් – මෙල්බර්න් ඇතුලු නගර කිහිපයක මගීන්ට අවධානම් නිවේදනයක්

මෙල්බර්න් ඇතුලු නගර කිහිපයක් අතර ක්‍රියාත්මක කල වර්ජින් ගුවන් සමාගමේ ගුවන් වාර කිහිපයක ගමන් කල ගුවන් මගීන්ට වහා කොවිඩ් පරීක්ෂණ කරගන්නා ලෙස දැනුම්දී තිබේ.

ඒ ගුවන් සේවිකාවකට කොවිඩ් ආසාධනය වී ඇතැයි හෙළිවීමත් සමගයි.

වෛරසය වැළඳී තිබියදී පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා කාලය තුළ ඇය සේවය කර ඇතැයි සඳහන්.

අදාළ ගුවන් ගමන් වාර වන්නේ

  • VA219 – Melbourne to Adelaide on October 4
  • VA218 – Adelaide to Melbourne on October 4
  • VA827 – Melbourne to Sydney on October 5
  • VA808 – Sydney to Melbourne on October 5
  • VA1593 – Melbourne to Newcastle on October 6
  • VA1594 – Newcastle to Melbourne on October 6

මේ අනුව වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ‍රලියාව පුරා මෙම ගුවන් සේවිකාවකගේ ආශ්‍රිතයන් සිටිය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවා සිටින්නේ.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »