Search

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර රෝහල්ගත කෙරේ

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ඒ මහතා මීට දින 3 කට පමණ පෙර කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.

ඔහු 68 හැවිරිදි වියේ පසුවෙයි.

බන්දුල වර්ණපුර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12 කට ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුරගේ වම් කකුලේ දණහිසට පහළින් ඉවත්කිරීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

හෘදයා බාදයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බන්දුල වර්ණපුරගේ දියවැඩියා තත්වය උත්සන්න වීම නිසා වම් කකුලේ කොටසක් කපා ඉවත්කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »