Woolworths හි වත්මන් සහ හිටපු සේවකයන් 20,000 කට පමණ $ 2500 ක දීමනාවක්

Woolworths හි වත්මන් සහ හිටපු සේවකයන් 20,000 කට පමණ ඩොලර් 2500 ක දීමනාවක් ගෙවීමට පාලනාධිකාරිය එකග වී තිබේ.

ඒ සේවකයන්ට අඩු වැටුප් ගෙවන බවට පැවති නඩු විභාගය සමථයකට පත්වීමත් සමගයි.

මේ අනුව ඩොලර් මිලියන 50 ක පමණ අමතර ප්‍රතිලාභ සිය සේවකයන්ට ගෙවීමට Woolworths ට සිදුවනු ඇත.

2010 වැනි කාලසීමාවල පවා Woolworths හි සේවය කල සේවකයන්ට මෙම ඩොලර් 2500 ක දීමනාව ලබාගැනීමට අවස්ථාව පවතී.

කෙසේවෙතත් මේ සඳහා අදාළ සේවක සේවිකාවන් මාස 06 කට නොඅඩු කාලයක් Woolworths හි සේවය කර තිබිය යුතු වනවා.

source : https://www.9news.com.au/national/woolworths-underpaying-staff-class-action-lawsuit-settlement-2500-payout/39eab8a0-71ce-4d26-b3c3-a57d16de5ded

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »