නිරූපමා රාජපක්ෂ ගේ සැමියා අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නිඩේෂන් , ආන්දෝලනාත්මක පැනඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෙට (08) කැඳවා ඇත.

පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ දැනුම් දීම මත තිරුකුමාර් නඩේෂන් කොමිසම හමුවට කැඳවා ඇත.

පැන්ඩෝරා පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් තමාගේත් බිරිඳගේත් නම සදහන් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ස්වාධීන පරීක්ෂකවරයකු පත්කරන ලෙසත් සඳහන් කරමින් තිරු කුමාර් නඩේෂන් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබිණී.

ඒ අනුව, තිරු නඩේෂන් කැඳවා පැන්ඩෝරා පත්‍රිකා සිද්ධියට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැඩිදුරටත්සදහන් කළේය.

ලෝක නායකයින් දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගනුදෙනු පිළිබදව තොරතුරු රැසක් පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති අතර, හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ ගේ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර තිබිණී.

හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ ඇගේ සැමියා සමඟ එක්ව පිහිටවා ඇති සමාගමක් මගින් ලන්ඩන් සහ සිඩ්නි නගරවල සුඛෝපභෝගී නිවාස මිලදී ගෙන ඇති බවට එම පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇත.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »