ඔස්ටේ්‍රලියාවටත් අපනයන සිදුකරන ලාංකික සමාගමකට ජගත් සම්මානයක්

එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුලුවේ හොඳම කුඩා පරිමාණ ව්‍යාපාරයට හිමි සම්මානය MA’S Tropical Food Processing Ltd ට අනුබද්ධ North Lanka Family Foods Ltd වෙත හිමිවී තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ස්ථාපිත මෙම ආයතනය විසින් ප්‍රදේශයේ විශාල පිරිසකට රැකියා අවස්ථා පිරිනමා ඇති අතර ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් ගණනාවක් පුරා සිය නිෂ්පාදන අපනයනය සිදුකරමින් සිටී.

ඔවුන්ගේ ජනප්‍රිය නිෂ්පාදන අතර peanut butter හා චීස් ද වන අතර New Beginnings යන සන්නාමය යටතේ ඒවා අලෙවි කිරීම සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය පුරා වගා කෙරෙන රටකජු මගින් මෙම නිෂ්පාදනය කෙරෙන අතර එමගින් ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෝකය පුරා ගෙනයාමට අවස්ථාව ලැබී ඇති බවයි MA’s Kitchen හි ප්‍රධාන විධායක නිළධාරී මලික් ද අල්විස් සඳහන් කර සිටියේ.

එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුලුවේ හොඳම කුඩා පරිමාණ ව්‍යාපාරයට හිමි සම්මානය ලබාදීමේදී කරුණු කිහිපයක් සළකා බැලේ.

ආහාර වර්ගයේ පෝෂණය – ගෝලීය සහශ්‍රක ඉලක්ක ජයගැනීම සහ පරිසරය සුරැකීම වැනි ගුණාංග කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරයි.

source : https://www.ft.lk/front-page/UN-Food-Systems-Best-Small-Business-Award-goes-to-northern-project-by-MA-S-Kitchen/44-721203

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »