
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ACT ප්‍රාන්තයේ Red zones ලෙස නම් කර ඇති අවධානම් නොමැති ප්‍රදේශ Orange zone ලෙස අද සිට නැවත වර්ගීකරණය කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසනවා.
එමඟින් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටි වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට නැවත සිය නිවෙස් බලා ඒමට ඉඩ සැලසේ.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,638 ක් හමුව ඇත.

මරණ 2ක් ද වාර්තා විය.
මේ අතර කොවිඩ් පළමු මාත්‍රාව ලබාගත් පිරිස 96% ඉක්මවූ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට ACT පත්ව තිබේ.

ලබන සඳුදා එනම් ඔක්තෝබර් 11 වනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කෙරේ.
ඒ ඊයේ පස්වරුව වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 අභිබවා යාම හේතුවෙනි.