
නව වීසා කාණ්ඩයක් හඳුන්වාදී 165,000 කට ආසන්න පිරිසකට නේවාසික වීසා පිරිනැමීමට නවසීලන්ත රජය ගත් තීරණයට මේ වනවිට එරට සිටින තාවකාලික වීසා බලපත් ලාභීන්ගෙන් දැඩි ප්‍රසාදයක් පළවෙමින් පවතී.
එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන Erica Stanford ට ශ්‍රී ලාංකික දැරියක වන Iyana විසින් එවන ලද ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහකට ලක්ව ඇත.
ඒ එම ලිපියේ ඇති සංවේදී භාවය හේතුවෙනි.

තම දෙමව්පියන් අවිනිශ්චිත තත්වයක සිටි බවත් මේ වනවිට එම තත්වය තුරන්ව ගොස් ඇති බවත් Iyana සඳහන් කර තිබිණ.
2021 Resident visa මඟින් COVID-19 කාලය තුළ නවසීලන්තයට සංක්‍රමණිකයින් ලබා දී ඇති අතිමහත් දායකත්වය සහ ඔවුන් මුහුණ දී ඇති අවිනිශ්චිතභාවය පිළිබඳ විශේෂයෙන් සලකා බලන බව සඳහන්.

මෙම නව වීසා බලපත්‍රය මඟින් සේවා යෝජකයන්ට පදිංචි, පුහුණු හා හිඟ සංක්‍රමණික සේවකයින් රඳවා ගැනීමට ඉඩ සැලසේ.
පුහුණු සංක්‍රමණික කාණ්ඩය (Skilled Migrant Category SMC) සහ රැකියා වලින් පදිංචි කාණ්ඩය (Residence from Work RfW) යටතේ දැනටමත් ස්ථිර පදිංචි වීසා බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයට සහ SMC Expression of Interest ප්‍රකාශයක් ඉදිරිපත් කළ අයට මෙන්ම වෙනත් රැකියා වීසා හිමි බොහෝ දෙනෙකුට මෙම නව වීසා බලපත්‍රය ලබා ගත හැකිය.
2021 Resident visa අදියර දෙකකින් අයදුම්පත් සඳහා විවෘත වන අතර පළමු කණ්ඩායමට 2021 දෙසැම්බර් 1 දින සිට අයදුම් කළ හැකිය.
ඉදිරි මාස 12 තුළ නවසීලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙම වීසා අයදුම්පත් සැකසීම සඳහා මූලිකත්වය දෙන බවට සඳහන්.
Pic – Erica Stanford FB