ලබන සඳුදා සිට NSW ලිහිල් වන නිරෝධායන සීමා මෙන්න

ලබන සඳුදා එනම් ඔක්තෝබර් 11 වනදා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කෙරේ.

ඒ ඊයේ පස්වරුව වනවිට ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 අභිබවා යාම හේතුවෙනි.

මේ අනුව ලබන සඳුදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට අමුත්තන් උපරිම 10 දෙනෙකු නිවසට ගෙන්වා ගත හැකිය.

බාහිර හමුවීම් සඳහා පැවති පුද්ගලයන් 20 සීමාව 30 දක්වා ඉහළ දැමෙනු ඇති.

විවාහ සහ අවමගුල් සඳහා දැනට පවතින 50 සීමාව 100 ක උපරිමයක් දක්වා වැඩි කර තිබෙනවා.

ලබන දෙසැම්බර් 01 වනදා දක්වා වසා තැබීමට කලින් යෝජනා වී තිබූ පිහිණුම් තටාක පුහුණු කටයුතු සඳහා විවෘත කෙරේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් ලබන 18 වනදා සිට අධියරෙන් අධියර විවෘත කිරීමද නව සැලසුමට අන්තර්ගතයි.

https://twitter.com/Dom_Perrottet/status/1445881942776311809?s=20

source: https://7news.com.au/lifestyle/health-wellbeing/nsw-covid-roadmap-changes-revealed-by-premier-dominic-perrottet–c-4169792?fbclid=IwAR161llhFtEyI4Ufg-PVaGXf2qE1tRnoqZZnKRXvFICyvDIdD56dRptF-Sg

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »