Search

බෝට්ටුවලින් එන අනවසර සංක්‍රමණිකයන් පැපුවා නිව් ගිනියා යැවීම නවතී

අනවසර සංක්‍රමණිකයන් පැපුවා නිවු ගිනියා හි පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානයට යැවීම අත්හිටුවීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබේ.

ඒ අනුව නීති විරෝධීව ඔස්ටේ්‍රලියාවට පැමිණීමට තැත් කිරීමේදී ආරක්ෂක අංශ භාරයට ගන්නා කිසිවෙකුත් මෙම වසර අවසානයෙන් පසු පැපුවා නිවු ගිනියා හි රැඳවුම් මධ්‍යස්ථානයට පිටත්කර යැවීමක් සිදුනොවන බවයි ස්වදේශ කටයුතු ඇමතිනී Karen Andrews සඳහන් කලේ.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ දැඩි දේශ සීමා ආරක්ෂණ නීති කිසිදු අයුරකින් ලිහිල්වී නොමැති බව ඇය අවධාරණය කරනවා.

ඒ අනුව බෝට්ටු මගින් නීති විරෝධීව ඔස්ටේ්‍රලියාවට පැමිණිමේදී හසුවන කිසිවෙකු හෝ ඔවුන් පදිංචි රටට පිටත්කර යැවීම හෝ නාවුරු දූපතේ පිහිටා ඇති රැඳවුම් මධ්‍යස්ථානයට යැවෙන බවයි ස්වදේශ අමාත්‍යවරිය කියාසිටියේ.

දැනට පැපුවා නිවු ගිනියා හි සිටින අනවසර සංක්‍රමණිකයන් 120 දෙනාට එහි පදිංචිවීමට හෝ නාවුරු දූපතට යාමට හැකියාව පවතිනවා.

ඔස්ටේ්‍රලියාව විසින් පැපුවා නිව් ගිනියා හි මෙම රැඳවුම් මධ්‍යස්ථානය ආරම්භ කලේ මීට වසර 08 කට ඉහතදීයි.

ඒ බෝට්ටු මගින් අනවසරයෙන් ඔස්ටේ්‍රලියාවට පැමිණීමේදී දේශ සීමා ආරක්ෂකයන් භාරයට ගන්නා පුද්ගලයන් ප්‍රධාන භූමියට ඇතුලු කර ගැනීමෙන් තොරව රඳවා තබාගෙන ඔවුන්ගේ සංක්‍රමණ අයදුම්පත් සළකා බැලීම සඳහායි.

එහෙත් මෙම කඳවුරේ පහසුකම් ප්‍රමාණවත් නොවීම – නිරාහාර උපවාස වැනි දෑ නිරතුරුව වාර්තා වූ අතර ගතවූ වසර 08 තුළදී එහි සටහන්වූ මරණ සංඛ්‍යාව 13 ක්.

පකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »