
ඔස්ටේරලියාව තුළ ක්‍රියාත්මක Lockdown කිරීම් සහ අනිවාර්ය එන්නත්කිරීම් වහා නවතා දමන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ විරෝධතා මාලාවක් පවත්වා තිබෙනවා.
‘Save Australia’ යන තේමා පාඨය යටතේයි මෙම උද්ඝෝෂණ සංවිධාන කර ඇත්තේ.
කෙසේවෙතත් මෙම විරෝධතා සඳහා ඔස්ටේ්‍රලියානු රජයෙන් මෙන්ම සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් උපහාසාත්මක අදහස් පළවී තිබුණා.

කොවිඩ් ආසාධිතයන් 500 කින් අයෙකු මරණයට පත්වන අමෙරිකාව, ආසාධිතයන් 20,000 කින් අයෙකු වාර්තා වන ඔස්ටේරලියාව රැක ගන්නේ කෙසේදැයි යන්න එහිදී විමසීමට ලක්වූ ප්‍රධාන තර්කයක්.
කොවිඩ් වසංගතයේ දරුණුතම තත්වය පැවතියේ අමෙරිකාවේ බවත් මහමග පවා මළසිරුරු ගොඩගසා තිබූ ආකාරයත් සමාජ ජාල ක්‍රියාකාරීන් පෙන්වා දී තිබුණා.

https://twitter.com/Vic_Rollison/status/1445207073038356480?s=20
කෙසේවෙතත් ඇතැම් පාර්ශව මෙම උද්ඝෝෂණ සඳහා සහය දක්වා තිබුණේ එමගින් අගමැති ස්කොට් මොරිසන්ගේ රජයේ අසමත්වීම පෙන්නුම් කෙරෙන බව දක්වමින්.
https://twitter.com/ellymelly/status/1445276019510820866?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1445276019510820866%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Ftravel%2Fcoronavirus%2Fperplexed-aussies-respond-as-us-protesters-take-to-the-streets-of-new-york-in-bid-to-save-australia-c-4161349
PIC Credit: Michael M. Santiago/Getty Images