Search

මව්බිමට යන්න ඉන්න ඔබට වැදගත් පණිවුඩ කිහිපයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ක්‍රියාත්මක නව මාර්ගෝපදේශ මාලාව දැන් ක්‍රියාත්මකයි.

ඒ අනුව ඕනෑම ගුවන් මගියෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්ම ගොස් ඇත්නම් සහ ඔහු හෝ ඇය පැමිණෙන රටේදී පැය 72 කට පෙර සිදුකළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක නම් ශ්‍රී ලංකාවේදී යළි පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම අවශ්‍ය වන්නේ නැහැ.

මෙම ක්‍රමවේදය කටුනායක හා මත්තල යන ගුවන් තොටුපොළ දෙක සඳහා ම ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීකයින්ට, විදෙස් සංචාරකයින්ට ජෛව බුබුලක් ලෙස ඔවුන් සිටින හෝටලය වෙත යෑමට අවස්ථාව හිමිවනවා.

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපොළේ දී හෝ රැඳී සිටින හෝටලයේ දී පීසීආර් පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කළ හැකියි.

එහිදී 12 වන දිනයේ දී නැවත වරක් සිදුකරන පීසීආර් පරීක්ෂණයකින් ද ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාව පවතී.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා ලද හෝටලයක දී දින 14ක් නිරෝධායනය වී ඔවුන්ට සමාජගත විය හැකියි.

මීට අදාළ සියලු විස්තර visitsrilanka.gov.lk අඩවියෙන් ලබා ගත හැකි වනවා.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »