නිවාස ණය ගැනීමේදී නව නීති – තක්සේරු අනුපාතයත් ඉහළට – ගෙවීමට ඇති හැකියාවත් සොයයි

ඔස්ටේ්‍රලියාවේ බැංකු නියාමන ආයතනය වන Australian Prudential Regulation Authority (APRA) විසින් නිවාස ණය ගැනීමේදී නව නීති කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඔවුන් ඒ බව සඳහන් කරමින් බැංකු වෙත ලිඛිත දැනුම්දීමක්ද සිදුකර ඇත.

මේ අනුව අවම නිවාස ණය තක්සේරු අනුපාතය සියයට 2.5 සිට සියයට 3 දක්වා ඉහළ දමා තිබේ.

නිවාස ණය අයදුම්කරුට එය නැවත ගෙවීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලිය යුතු බවට ද නව නියමයක් පණවා ඇත.

ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ ආදායමට වඩා 06 ගුණයක පමණ ණය ගන්නා බවට නිරීක්ෂණයවීමත් සමගයි මෙම නියෝග නිකුත් කර ඇත්තේ.

ගතවූ මාස 12 තුළ ඔස්ටේ්‍රලියාවේ දේපළ වටිනාකම සියයට 20 කින් පමණ ඉහළ යාම සැළකිල්ලට ගෙන නව නියමයන් නිකුත් කල බවද Australian Prudential Regulation Authority (APRA) සඳහන් කලා.

source : https://www.abc.net.au/news/2021-10-06/apra-tightens-home-loan-rules/100516758

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »