සිනමා සිත්තමට නිළිය උඩුගුවනට

රුසියානු සිනමාවේ ජනප්‍රිය නිළියක වන Yulia Peresild, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ බලා පිටත්ව ගියාය.

ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන චිත්‍රපටයක රංගනය සඳහාය.

37 හැවිරිදි යුලියා, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ රුසියාවේ සෝයූස් රොකට්ටුවේ සහ සෝයූස් එම්.එස්.16 ගගන කැප්සියුලයේ ආධාරයෙනි.

පැය කීපයක ගමනකින් අනතුරුව රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය කිලෝ මීටර් 354 ක් ඉහළින් ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය.

ඉදිරි දින 12 ක කාලයේ අභ්‍යවකාශ නැවතුම්පොළේ රූගත කෙරෙන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘චැලේන්ජ්’ යනුවෙනි.

රුසියන් අභ්‍යවකාශ ආයතනය වන ‘රොස්කොස්මොස්’ සහ රුසියන් රජයේ අනුග්‍රහය ලබන ‘චැනල් 1’ නාලිකාව සම නිෂ්පාදකවරුන් ලෙස චිත්‍රපටයට සම්බන්ධ වී සිටී.

source : https://www.bbc.com/news/world-europe-58804143

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »