Search

ඔස්ටේ්‍රලියාව කොවිඩ් මර්දන කරල් ලක්ෂ 03 ක් ඇණවුම් කරයි

Prime-Minister-Scott-Morrison.

කොවිඩ් මර්දනයට දැනට සාර්ථක අත්හදාබැලීම් පෙන්නුම් කර ඇති මොල්නුපිරාවිර් කරල් විශේෂයේ කරල් ලක්ෂ 03 ක් මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර ඇත.

අගමැති ස්කොට් මොරිසන් අද නිවේදනය කලේ ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ඉල්ලා ඇති බවයි.

කෙසේවෙතත් මෙම කරල සම්බන්ධයෙන් අමෙරිකාව තුළ සායනික පරීක්ෂණ අවසන්වීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකියි.

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයක් පිරිසක් සමත්ව තිබුණා.

මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති එය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් රෝගීන්ට ලබාදී අත්හදා බලා තිබුණා.

එම ප්‍රථීඵල අතිශය සාර්ථක වී ඇති අතර මේ වනවිටත් මෙම කරල් විශේෂය හදිසි භාවිතය සඳහා අයදුම් කර ඇති බවයි නිෂ්පාදන සමාගම සඳහන් කලේ.

පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල අධ්‍යයනයෙන් පසු රෝහල්ගතවීමට තරම් රෝග ලක්ෂණ මතුවී ඇත්තේ සියයට 7.3 කට පමණයි.

කිසිදු මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක්.

source : https://www.9news.com.au/national/coronavirus-australia-treatment-covid-pill-molnupiravir-may-be-ready-for-use-in-australia-by-2020-after-deal-made-with-merck-sharp–dohme/0f04b8fb-2d9d-443d-beb9-ce2a1a48abd3

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »