ඔස්ටේ්‍රලියාවට එන්න ඔබ ගත යුතු එන්නත් ගැන දැනුවත්ද ??

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා නොවැම්බර් මාසයේදී යළි විවෘත කළ පසු ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් නොවන පිරිස් ඔස්ට්‍රේලියාවට පැමිණෙයිනම් ඔවුන් TGA මගින් අනුමත කර ඇති කොවිඩ් එන්නත් වර්ගවලින් මාත්‍රා 02 ම ලබාගෙන සිටීම අනිවාර්යයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සඳහා කොවිඩ් එන්නත් වර්ග 6 කට මේ වන විට අනුමැතිය ලබා දී තිබේ.

  • Pfizer
  • AstraZeneca
  • Moderna
  • Johnson & Johnson
  • Sinovac
  • Covishield

සිනොවැක් කොවිඩ් මර්දන එන්නත චීනයේ නිෂ්පාදනයකි.

ඒ අනුව අදාළ එන්නත සම්බන්ධයෙන් සිදුකෙරුණු ඇගයීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට තුළ පිළිගත් එන්නත් ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කළ බව TGA නිවේදනය කළේය.

මෙම පියවරත් සමග ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන චීන සිසුන්ට දේශසීමා විවෘත කළ පසු රටට පැමිණීමට අවස්ථාව හිමිවෙයි.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ද ඔස්ට්‍රේලියාවේ අනුමත එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ එම එන්නත ලබාගත් විදේශීය සිසුන්ට සහ සංචාරකයින්ට රට තුළට ඇතුල්වීම සඳහා අවස්ථාව උදාකර දෙමිනි.

මෙම එන්නත් 02 අනුමත ලැයිස්තුවට ඇතුළත් කලද ඔස්ටේ්‍රලියාව තුළදී එන්නත්කරණය සිදු නොකෙරේ.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »