Search

ශාරුක් ඛාන්ගේ පුත්‍රයා ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු පිරිසක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මුම්බායි මුහුදු ප්‍රදේශයේ නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පැවති සාදයකට සහභාගී වී සිටියදී ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මීට දින දෙකකට පමණ පෙර මුම්බායි හි සිට Goa වෙත ගමන් කරන නෞකාවක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වෙන බවට ඉන්දීය මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වෙත බුද්ධි තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව එම කාර්යංශයේ නිලධාරීන් වෙස්වලාගෙන නෞකාවට ඇතුළු වී ඇති අතර නෞකාව ගමන් ආරම්භ කර මද වේලාවකට පසුව සාදයට සහභාගී වී සිටි පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයේ නිරත වී ඇති බව අනාවරණය වී තිබේ.

නෞකාව තුළ තිබී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධන වේගය පහතට

ඔස්ට්‍රේලියාවේ සැප්තැම්බර් වන විට වාර්ෂික වැටුප් වර්ධනය සියයට 3.5% දක්වා පහත වැටි ඇති බව සංඛ්‍යා ලේඛන කාර්යාංශය අද නිවේදනය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ 18 ට අඩු තරුණයන්ට Superannuation වෙතින් ලොකු වාසියක් ලැබෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ යෞවනයන් කොපමණ පැය ගණනක් සේවය කළත් ඔවුන්ගේ වැටුපට පරිභාහිරව Superannuation හිමිවිය යුතු බවට ඔස්ට්‍රේලියානු “Super Members Council” විසින් පෙන්නුම් කර තිබෙනවා.

Read More »