Search

Sinovac – කොවිෂීල්ඩ් TGA පිළිගත් ලැයිස්තුවට / චීන සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව

Sinovac සහ කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් දෙක ඔස්ට්‍රේලියාවේ පිළිගත් එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

සිනොවැක් කොවිඩ් මර්දන එන්නත චීනයේ නිෂ්පාදනයකි.

ඒ අනුව අදාළ එන්නත සම්බන්ධයෙන් සිදුකෙරුණු ඇගයීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට තුළ පිළිගත් එන්නත් ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කළ බව TGA නිවේදනය කළේය.

මෙම පියවරත් සමග ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන චීන සිසුන්ට දේශසීමා විවෘත කළ පසු රටට පැමිණීමට අවස්ථාව හිමිවෙයි.

මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ද ඔස්ට්‍රේලියාවේ අනුමත එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ එම එන්නත ලබාගත් විදේශීය සිසුන්ට සහ සංචාරකයින්ට රට තුළට ඇතුල්වීම සඳහා අවස්ථාව උදාකර දෙමිනි.

මෙම එන්නත් 02 අනුමත ලැයිස්තුවට ඇතුළත් කලද ඔස්ටේ්‍රලියාව තුළදී එන්නත්කරණය සිදු නොකෙරේ.

SOURCE : https://www.abc.net.au/news/2021-10-03/sinovac-covishield-recognition-hopes-for-international-students/100508968

තරුණ වෙන්න කැමති ඔස්ට්‍රේලියානුවන්ට අලුත් සොයා ගැනීමක්

වයස්ගත වීම වැළැක්වීම සහ තරුණ බව දීර්ඝ කාලයක් රැක ගැනීම සංචාර මගින් සිදු කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය සීමාවට බාධකයක්?

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිතයට හඳුන්වා දීමට යෝජිත වයස් සීමාවන් මගින් පමණක් තරුණ පරම්පරාවේ මානසික සෞඛ්‍ය ගැටළු විසඳීමට නොහැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

Today’s Top Stories.2024.09.14

ඔස්ට්‍රේලියාවේ වාහන තදබදය අධිකම නගර අතරින් මෙල්බන් අංක 1 ට දරුවන් දෙදෙනෙකුට ජිවිත අහිමි කළ සිඩ්නි මවට සිදු වූ දේ පර්ත් නගර වාසීන්ට ලබන සතිය

Read More »