මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් $ මිලියන 211 ක දුරකථන වංචාවලට හසුවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ ව්‍යාජ කෙටි පණිවිඩ හා දුරකථන ඇමතුම් හරහා පුද්ගලික දත්ත සොරා ගැනීම් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම වසරේදී පමණක් දුරකථන පාරිභෝගිකයන්ගෙන් එලෙස වංචා කර ඇති මුදල ඩොලර් මිලියන 211 ක් බවටයි තක්සේරු කර ඇත්තේ.

පසුගිය වසරේදී එම මුදල ඩොලර් මිලියන 175 ක් ලෙස සටහන්ව තිබිණ.

බොහෝ විට විවිධ මුදල් ත්‍යාග ලැබී ඇති බවට සඳහන්ව පැමිණෙන කෙටි පණිවිඩවල ඇතුළත් Links, click කිරීම හරහා විවිධ වංචනික වෙබ් අඩවිවලට පිවිස ක්‍රෙඩිට් කාඩ් දත්ත සොරා ගැනීම් බහුලව සිදුවන බවට පැමිණිලි ලැබී තිබේ.

මෙම වසරේදී එලෙස වංචාවන්ට හසුව ඇති පිරිස 110,000 ක් බවටද වාර්තාවී තිබේ.

Telstra හා Optus වැනි සන්නිවේදන සමාගම්වල අයුරින් ව්‍යාජ දුරකථන ලැබීමේ සිදුවීම් ගණනාවක්ද මෑතකාලීනව වාර්තාවිය.

source : https://7news.com.au/news/cyber-security/flubot-mobile-phone-scam-fuelling-record-losses-of-money-to-scammers-in-australia-this-year-c-4082791

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »