නත්තල් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන ආයතන රැසක රැකියා පුරප්පාඩු 25,000 ක්

නත්තල් සමය වෙනුවෙන් අමතර රැකියා 1000 ක් පිරි නැමීමට Amazon Australia පියවර ගෙන තිබේ.

Sydney, Newcastle, Melbourne, Perth, Brisbane – Gold Coast පුරා විහිදී ඇති ස්ථාන 12 ක් වෙනුවෙන් ඔවුන් බඳවා ගැනෙනු ඇති.

ඉන් 600 ක් පමණ මෙල්බර්න් සඳහාද – 400 ක් පමණ සිඩ්නි සඳහාද – 100 ක් පමණ බ්‍රිස්බන් සඳහාද වෙන්කර තිබේ.

පසුගිය සතියේදී  JB Hi-Fi විසින් නිවේදනය කලේ තමන්ද නත්තල් සමය සඳහා නව රැකියා 1500 ක් ලබාදෙන බවයි.

ඊට අමතරව Coles විසින් පුරප්පාඩු 7000 ක් පිරවීමට සූදානමින් සිටී.

දැනට Woolworths සඳහා රැකියා 1000 ක් ද Big W සඳහා රැකියා 3500 ක් පමණද පුරප්පාඩුව පවතිනවා.

Dan Murphy’s and BWS පවසන්නේ තමන් සතුව නත්තල් රැකියා 4400 ක් ඇති බවයි.

Australia Post විසින් රැකියා 5000 ක් නත්තල් සමයට පිරි නැමීමට සූදානමින් සිටිනවා.

මෙම රැකියා අතුරින් බහුතරයක් Casual වන අතර බොහෝ රැකියා කඩිනමින් (Immediate) ආරම්භ කිරීමද විශේෂත්වයක්.

 

source : https://www.9news.com.au/national/amazon-australia-latest-retailer-to-offer-huge-job-spree-australia-post-coles-woolworths/5de8e9fe-b524-4f07-8618-6ca9c4b85cde

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »