Qantas වික්ටෝරියා – NSW ගුවන් ගමන් නොවැම්බර් 05 සිට / මෙල්බර්න්-ඩාවින්-ලන්ඩන් සේවා ආරම්භ වන ළකුණු

ප්‍රාන්ත සීමා විවෘත කිරීමට වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත විසින් දින නියම කිරීමත් සමග අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන දින වකවානු පෙරට ගැනීමට ගුවන් සමාගම් පියවර ගෙන තිබේ.

මේ අනුව වික්ටෝරියා සහ NSW අතර ගුවන් ගමන් ලබන නොවැම්බර් 05 වනදා සිට ආරම්භ කරන බව ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් ගුවන් සේවා නිවේදනය කර සිටී.

මීට පෙර එය දෙසැම්බර් 01 වනදා ලෙසයි දක්වා තිබුණේ.

කෙසේවෙතත් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තවමත් වසා දමා තිබීම හමුවේ ක්වන්ටාස් හි ජනප්‍රිය මාර්ගයන් වන පර්ත් – ලන්ඩන් ගුවන් සේවා ලබන වසරේ අප්‍රේල් දක්වා ක්‍රියාත්මක නොවේ.

එහෙත් බොහෝ දුරට දෙසැම්බර් 18 වනදා සිට අනෙකුත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමටද ක්වන්ටාස් සූදානමින් සිටී.

මේ අතර ඩාර්වින් – ලන්ඩන් ගුවන් සේවා ආරම්භ කිරීමටද සැළසුම් කරමින් ඇතැයි ක්වන්ටාස් නිවේදනය කරනවා.

පසුගිය කාලයේදී රටට ගෙන්වාගත් බොහෝ ඔස්ටේ්‍රලියානුවන් රැගත් ගුවන් යානා ද ඩාර්වින් වෙත පැමිණියේ එහි නිරෝධායන පහසුකම් හේතුවෙනි.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් බොහෝ දුරට මෙල්බර්න්-ඩාවින්-ලන්ඩන් ගුවන් සේවා ආරම්භ වනු ඇති.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »