ඔස්ටේ්‍රලියානුවන්ට ඉතාම නුදුරේදී නිවසේදීම කොවිඩ් පරීක්ෂණය කරගැනීමට අවස්ථාව

ඔස්ටේ්‍රලියානුවන්ට ඉතාම නුදුරේදී සිය නිවසේදීම කොවිඩ් පරීක්ෂණය කරගැනීමට අවස්ථාව සළසාදීමට මධ්‍යම රජය සූදානම් වෙයි.

ඒ සඳහාා අවශ්‍ය අනුමැතිය ඖෂධ අධිකාරියෙන් දැනටමත් ඉල්ලා ඇති බවයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

ඒ අනුව වසර අවසානය වනවිට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සඳහා අවසර දීමට හැකිවනු ඇතැයි ද ඔහු පැවසීය.

දැනටමත් – aged care homes / නිරෝධායන මධ්‍යස්ථාන සහ රැකියා ස්ථානවල රැපිඩ් පරීක්ෂණ සිදුකෙරේ.

කෙසේවෙතත් තනි පුද්ගලයන් වෙනුවෙන් රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීම ඔස්ටේ්‍රලියාව තුළ තවමත් තහනම්ව පවතී.

රැපිඩ් පරීක්ෂණයේ නිරවද්‍යභාවය පී සි ආර් පරීක්ෂණයක් හා ඉහළම මට්ටමක නොපවතින නමුත් එමගින් විනාඩි 10 ත් 15 ත් අතරදී ප්‍රථිඵල ලබාගත හැකිය.

බ්‍රිතාන්‍ය – යුරෝපය හා අමෙරිකාව තුළ නිවාසවල රැපිඩ් පරීක්ෂණ සඳහා අවසරය ලබා දී තිබේ.

 

source : https://www.9news.com.au/national/australians-could-soon-test-for-covid19-at-home-as-rapid-antigen-tests-seek-approval/5cf14e88-b6ce-40d6-aa72-36557ddf39d3

Photo: Kate Geraghty (The Sydney Morning Herald)

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »