Search

ඇෆ්ඝන් වැසියන්ට රැවුල කැපීම තහනම් කරයි

පුරුෂයන්ගේ රැවුල් මුලුමනින්ම කපා දැමීම හෝ අඩු කිරීමෙන් වළකින ලෙස තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වෙත නියෝග කර තිබෙනවා.

එය ඉස්ලාමීය නීතීයට පටහැණි බවත් මෙම නියමයන් කඩ කරන්නන් වෙතොත් දැඩි දඩුවම් පමුණුවන බවටත් ඔවුන් දන්වා ඇති බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ.

කාබුල් අගනුවර ඇතැම් බාබර් සාප්පු හිමියන්ද ප්‍රකාශ කර ඇත්තේ තමන්ටද එවැනි නියෝගයක් ලැබුණු බවයි.

මීට වසර 20 කට පමණ ඉහතදී පැවති දරුණු තලේබාන් පාලනය නැවත ස්ථාපිත වීමක් මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි මැදිහත් විචාරකයන් පෙන්වා දෙන්නේ.

කොණ්ඩය සහ රැවුල් සැකසීමේදී අමෙරිකානු ක්‍රමයන්ගෙන් බැහැරවෙන ලෙසටද තලේබාන් සංවිධානය විසින් සැලුන් වෙත ලබාදුන් නියෝගයේ වැඩිදුරටත් සඳහන්.

1996 සිට 2001 දක්වා පැවති තලේබාන් පාලනය අතරතුර මෙවැනි දැඩි නීතිරිති ක්‍රියාත්මක වූ අතර 2001 වසරේදී අමෙරිකානු හමුදා ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග එරට තුළ නව විලාසිතා අතිශය ජනප්‍රිය වුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »