NSW අධියර 03 කොවිඩ් මාර්ග සැළැස්ම එළිදකී – දෙසැම්බර් 01 සිට විදෙස් ගුවන් ගමන්

ලබන දෙසැම්බර් පළමු වනදා සිට සිඩ්නි නගරවාසීන්ට විදෙස් ගුවන් ගමන්වල නිරතවිය හැකි බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අද නිවේදනය කලා.

ඒ පියවර 03 කින් සමන්විත NSW කොවිඩ් මාර්ග සැළැස්ම ප්‍රකාශයට පත්කරමින්.

දෙසැම්බර් 01 වනවිට කොවිඩ් තත්වය සාමාන්‍යකරණයට ලක්වූ ප්‍රාන්තයක් බවට NSW පත්වනු ඇති බවයි අගමැතිනිය සඳහන් කලේ.

ඒ අනුව ප්‍රාන්ත අතර ගමන් කිරීමට පෙර පිටරට සංචාරවල නිතරවීමට සිඩ්නි නගරවාසීන්ට හැකියාව ලැබෙනු ඇතැයිද මෙහිදී සඳහන් කෙරුණා.

අධියර 03 සැළැස්ම

අධියර 01 – ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි සියයට 70 ක් පූර්ණ එන්නත්කරණය දක්වා ක්‍රියාත්මක වේ. අද සිට ආරම්භ වූ මෙම ඉලක්කය ජයගැනීමේ අපේක්ෂිත දිනය ඔක්තෝබර් 11 වනදායි.

අධියර 02 – සියයට 80 ක් එන්නත්කර අවසන් වූ වහා මෙම ඉලක්කය ජයගැනීමට නියමිතය. අපේක්ෂිත දිනය ඔක්තෝබර් 25 වනදායි.

අධියර 03 – දෙසැම්බර් පළමුවනදා වනවිට සියයට 90 ක් එන්නත්කර අවසන් කිරිමයි. ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරේ.

 

Pic : James D. Morgan/Getty Images

source : https://7news.com.au/lifestyle/health-wellbeing/premier-gladys-berejiklian-says-international-travel-could-commence-on-december-1-c-4080132

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »